මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 2029 වන විට 500 දක්වා ඉහළ නැංවීමට රජයෙන් සැලසුම්

නව මෙට්‍රෝ (Metro) බස් රථ සේවාව කොළඹට පමණක් සීමා නොකර අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ද ව්‍යාප්ත කරමින්, 2029 වසර වන විට සමස්ත මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 500 දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

උත්සවයක් අමතමින් ඒ මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් නව මෙට්‍රෝ බස් රථ 104ක් මෙරටට පැමිණ ඇති අතර, ලබන සැප්තැම්බර් මාසය වන විට ඒවායේ ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

දැනට ධාවනය වන මෙට්‍රෝ බස් රථ 10, ජපානයෙන් ලැබුණු බස් රථ 7 සහ මෙම නව බස් රථ 104 ද එකතු කරමින් බස් රථ 121කින් සමන්විත “Colombo Metro Urban Luxury” සේවාව ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම සේවාව කොළඹින් පිටත ප්‍රදේශවලටද ව්‍යාප්ත කරන බවත්, ඒ අනුව කොළඹින් පිටත මෙම පහසුකම හිමිවන පළමු ප්‍රධාන දිස්ත්‍රික්කය බවට යාපනය පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම උපයෝගී කරගනිමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලරාමුව තුළ අවසන් කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඒ මහතා, මහජන මුදල් ප්‍රමාද කිරීමට කිසිදු ප්‍රායෝගික හෝ නෛතික අයිතියක් නොමැති බවත්, එම ව්‍යාපෘති පිළිබඳව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *