පෞද්ගලික අංශය දුර ගමන් සඳහා වායුසමනය කළ (AC) බස් රථ යොදවද්දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (CTB) පරණ තකරං බස් ධාවනය කිරීම නිසා මගීන් ඒවාට ගොඩනොවන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
එම තත්ත්වයට පිළියම් ලෙස නව බස් රථ 800ක් ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් පෞද්ගලික බස් රථ සේවාවන් සමඟ තරගකාරීත්වයක් (competition) නිර්මාණය වී දෙගොල්ලන්ගේම ප්‍රමිතිය (standard) ඉහළ යන බවත් ඔහු සඳහන් කරයි.
එසේම, නොබෝ දිනකින් බස් රථ සඳහා කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ (card payment) ක්‍රමවේදය ද හඳුන්වා දෙන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියි.