හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු සමයේදී තීන්දුවක් ගනිමින් අඩියක් පස්සට තැබුවේ මහජන ජීවිත නැතිකර හෝ දරුවන් මරා දමමින් එම දේහයන් මතින් ආණ්ඩුව රැකගැනීමේ අවශ්‍යතාවයක් නොතිබූ බැවින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, එලෙස මානුෂීය පදනමකින් සහ වගකීමකින් යුතුව එම ප්‍රශ්නයට මුහුණ දී අඩියක් පස්සට තැබීමට කටයුතු කිරීම කිසිසේත්ම නිවටකමක් ලෙස අර්ථකථනය නොකළ යුතු බවයි.