දූෂණ විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි අර්ථකථන ඇති නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා බලගතු පනතක් හඳුන්වාදීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවයි.
දූෂණ විරෝධී පනත පිටු 361කින් සමන්විත වූ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා, එම පනත යටතේ දූෂණ සම්බන්ධයෙන් පැවති පැමිණිලි හා විමර්ශන විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූ බවද ප්‍රකාශ කළා.
එබැවින් වත්මන් ආණ්ඩුව හොරු ඇල්ලීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බවට සමාජය තුළ මතයක් ඇති කිරීම සුදුසු නොවන බවත්, එම කටයුතු සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී බවත් ඔහු පෙන්වා දුන්නා.
“හොරු අල්ලන්න මේ ආණ්ඩුව ගෙනාපු පනතක් තිබෙනවාද?” යනුවෙන් ප්‍රශ්න කළ වජිර අබේවර්ධන මහතා, දූෂණ විරෝධී පනත හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව අවධාරණය කළා.