සාම්ප්‍රදායික ඉන්ධන භාවිත කරන වාහන මගින් සිදුවන වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව වෙත නවීන විදුලි සුඛෝපභෝගී (Electric Luxury) බස් රථ 100ක් නොබෝ දිනකින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං (Qi Zhenhong) මහතා පවසයි.
මෙලෙස ලබාදීමට නියමිත එක් බස් රථයක වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000ක් පමණ වන බව තානාපතිවරයා පෙන්වා දෙයි.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.