ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ නඩු­වේදී සාක්ෂි­කරු චූදි­ත­යින් හඳු­නා­ගනියි

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගැ­නීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් හෝමා­ගම මහා­ධි­ක­ර­ණයේ පැවැ­ත්වෙන නඩු විභා­ග­යේදී ගිරි­තලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳ­වුරේ රඳ­වා­ගෙන සිටි හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­යකු වන සුම­ති­පාල සුරේෂ් කුමාර් හෙවත් ‘මුරලි’ විසින් එම කඳ­වුරේ සිටි හමුදා නිල­ධා­රීන් හතර දෙනෙකු විවෘත අධි­ක­ර­ණ­යේදී හඳුනා ගත්තේය.

සාක්ෂි­කාර සුම­ති­පාල සුරේෂ් කුමාර් 2009 වසරේ සිට 2013 දක්වා කාලය තුළ ගිරි­තලේ යුද හමුදා බුද්ධි බලකා කඳ­වුරේ රඳවා සිටි බවට ඔහු සාක්ෂි ලබා දුන් අතර, එසේ රඳවා තබා­ගෙන සිටි­යදී පළමු චුදි­තගේ සිට සිවු­වැනි චුදිත දක්වා වූ පිරිස සහ තවත් අය එම කඳ­වුරේ සිටි බව ද පසු­ගි­යදා ඔහු සඳ­හන් කළේය.

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැ­ර­ගෙන යාම සම්බ­න්ධ­යෙන් චුදි­ත­යන් හත් දෙන­කුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා හෝමා­ගම මහා­ධි­ක­ර­ණයේ අධි­චෝ­දනා ගොනු කර තිබේ. එක්නැ­ලි­ගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැ­ර­ගෙන ගොස් අත­ර­මග දමා ගොස් තිබුණු අතර, ඉන්පසු 2010 ජන­වාරි 24 වැනිදා පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කර තිබිණි. 2010 ජන­වාරි 24 වැනිදා එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­ද­න්කි­රීම ගැන කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යක නඩුව විභා­ගය සිදු වෙයි.

තමන් ගිරි­තලේ කඳ­වුරේ රඳවා තබා­ගෙන සිටි­යදී හමුදා නිල­ධා­රීන් දුර­ක­ත­න­යක් ලබාදී ඔවුන් ලබා­දෙන අංක­ව­ලට ඇම­තුම් ගැනී­මට උප­දෙස් දෙන බවත්, එම ඇම­තුම් ගත් අය අතර විදෙස් රට­වල සිටින අය ද සිටින බවත්, 2010 ජන­වාරි 24 වැනිදා එක්නැ­ලි­ගො­ඩ­ටද දුර­ක­තන ඇම­තුම් ලබා ගත් බවත් සුම­ති­පාල සඳ­හන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *