ඉදිරි වසර කිහිපය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය කරමින් කාර්යක්ෂම දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා ව්‍යාපෘති රැසක් සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඒ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති ඇතුළත් වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය යටතේ අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා කොටසේ ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට සිදුකරමින් පවතින බවත්, එහි වාර්තාව දෙසැම්බර් මාසය පමණ වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
ශක්‍යතා අධ්‍යයනයෙන් අනතුරුව එම ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා මාර්ග කොටසේ පවතින දුම්රිය හරස් මාර්ග හතරක් හේතුවෙන් මාර්ගය පුළුල් කිරීමේදී ඇතිවන ගැටලු විසඳීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සැලසුම් සකස් කරන බවද ඔහු පැවසීය.
පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමද ඉදිරි සැලසුම් අතරට ඇතුළත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ග විදුලිකරණ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත් විද්‍යා ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
මේ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එම මාර්ගයේ ප්‍රතිසංස්කරණය හෝ ප්‍රතිනිර්මාණය කළ යුතු ප්‍රධාන පාලම් 12ක් හඳුනාගෙන ඇති අතර, ඒවායේ අලුත්වැඩියා කටයුතු සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බව ඔහු පැවසීය.
ඉන් පාලම් දෙකක කොන්ත්‍රාත් මේ වනවිට ප්‍රදානය කර ඇති අතර, ඉතිරි පාලම් 10 සඳහාද මෙම වසර තුළ කොන්ත්‍රාත් ප්‍රදානය කර වැඩ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, මුහුදුබඩ දුම්රිය මාර්ගය සඳහා දුම්රිය රේල් පීලි 10,000ක් ඇණවුම් කර ඇති බවත්, යුද තත්ත්වය හේතුවෙන් එම සැපයුම ප්‍රමාද වී ඇති නමුත් මාසයක් ඇතුළත ඒවා මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
නව රේල් පීලි සහ පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු හරහා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පවතින ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකි වනු ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
මීට අමතරව, නව ඪ්MU දුම්රිය කට්ටල හෙවත් ඵොවෙර් Sඑට් දුම්රිය 5ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය මේ වනවිට ක්‍රියාත්මක වන අතර, එය ලංසු ඇගයීමේ අදියරේ පවතින බවද ඔහු සඳහන් කළේය.
එම ටෙන්ඩරය මෙම වසර තුළ ප්‍රදානය කිරීමට උපරිම උත්සාහ දරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2027 අයවැය යෝජනා යටතේ ද්විදිශා ගමන් කළ හැකි නව දුම්රිය කට්ටල 5ක් සහ දුම්රිය එන්ජින් 5ක් මිලදී ගැනීමටද සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.