බන්ධනාගාර තු-ළ ඇතිවන ගැටුම් වළක්වා ගැනීම සදහා කඩිනම් පියවර රැසක් ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමක දී අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, බන්ධනාගාර නිළධාරීන්ගේ හිගය පියවා ගැනීම සදහා, මෑතක දී විශ්රාම ගිය හමුදා නිළධාරීන් දහසක් කඩිනමින් බදවා ගැනීමට යෝජනා වී තිබේ.
ඊට අමතරව, සෑම බන්ධනාගාරයකම, පොලිස් විශේෂ කාර්ය බලකා ඒකකයක් ස්ථාපිත කිරීමටත් නියමිත ය.
එක් බන්ධනාගාරයක ගැටුමක් ඇති වූ සැනින් අනෙක් බන්ධනාගාර ත-ුළද ගැටුම් ඇති වීමේ ප්රවණතාවයක් නිර්මාණය වී ඇති බැවින්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, සන්නද්ධ හමුදා සහ බුද්ධි අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ සම්බන්ධීකරණ කමිටු සෑම බන්ධනාගාරයකම පිහිටුවීම පිළිබදවද රජයේ අවධානය යොමු වී තිබේ