කොළඹ නගරයේ උපායමාර්ගික ලෙස පිහිටා ඇති රජයට අයත් බංගලා කිහිපයක් වාණිජමය වශයෙන් සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා වසර 30ක බදු පදනම යටතේ ආයෝජන යෝජනා කැඳවීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි B13, B14, B20 (ස්ටැන්මෝර් ක්‍රෙසන්ට්), C61, C62 (පේජට් පාර) සහ E01, E02 (ස්කෙල්ටන් පාර) යන ස්ථානයන්හි පිහිටි බංගලා 6ක් නැවත පිළිසකර කර සංචාරක ක්ෂේත්‍රයට අදාළ සිල්ලර වෙළඳසැල්, බුටික් රිසෝට්/සූට් (Boutique Suites), කැෆේ (Cafés) සහ ආපනශාලා ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.
ඉඩම් සහ ගොඩනැගිලිවල අයිතිය රජය සතුව තබා ගනිමින්, පෞද්ගලික අංශයේ ආයෝජන මගින් මෙම දේපළවල උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම රජයේ අරමුණයි.