මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමෙරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් ඝන මීටර් 15,000 බැගින් වූ ඉන්ධන ගබඩා ටැංකි දෙකක් සහ ඝන මීටර් 10,000ක ධාරිතාවකින් යුත් තවත් ඉන්ධන ගබඩා ටැංකියක් ඉදිකිරීම සඳහා 2025 ජුනි 2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.