ලබන වසරේ සිට ආන­ය­නික භාණ්ඩ­ව­ලට SLS සහතිකය අනි­වා­ර්ය කිරිමට තීරණය කරයි

ආන­ය­නික භාණ්ඩ සඳහා ලබන වසරේ සිට එස්.එල්.එස්. ප්‍රමි­තිය අනි­වාර්ය කරන බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතු­රංග අබේ­සිංහ මහතා පැව­සීය. අඩු­වෙන් තක්සේරු කර භාණ්ඩ ආන­ය­නය තහ­නම් කරන බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා කීය. ලංකා වාණිජ මණ්ඩ­ලය විසින් සංවි­ධා­නය කරන ලද ‘Scale Up 2.0‘ ජාතික සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රික සංස­දය පසු­ගි­යදා (11) කොළ­ඹදී පැවැත්වූ අතර එහි ප්‍රධාන දේශ­නය පව­ත්ව­මින් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

ව්‍යාපා­රි­ක­යන්ගේ වර්ධ­න­යට ඍජු­වම බල­පාන වෙළෙ­ඳ­පොළ ප්‍රවේ­ශය, ප්‍රස­ම්පා­ද­නය, ප්‍රමි­තීන් සහ සහ­තික කිරීම්, ආයෝ­ජන සූදා­නම, මූල්‍ය­ක­ර­ණය සහ ඩිජි­ටල් තාක්ෂ­ණය වැල­ඳ­ගැ­නීම වැනි කරුණු කෙරෙහි මෙහිදී මූලික වශ­යෙන් අව­ධා­නය යොමු විය. එමෙන්ම, දේශීය හා අප­න­යන වෙළෙ­ඳ­පො­ළ­ව­ලට ප්‍රවේශ වීම, විශාල සමා­ග­ම්වල සැප­යුම් දාම සමඟ සම්බන්ධ වීම සහ ව්‍යාපාර ඊළඟ අදි­ය­රට ගෙන­යෑ­මේදී මුහුණ දෙන බදු­ක­ර­ණය, ව්‍යාපා­රික පාල­නය හා මූල්‍ය අභි­යෝග පිළි­බ­ඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා,

“අපේ රට ආර්ථික අර්බු­ද­යක ඉඳලා ආර්ථික ස්ථාව­ර­ත්ව­යට ඇවිල්ලා සංව­ර්ධ­නය කරා පිය මනින්න උත්සාහ කරන අව­ස්ථා­වක්. ඒ සඳහා විවිධ ව්‍යූහා­ත්මක වෙන­ස්කම් සිද්ධ වෙන අව­ස්ථා­වක්. අපිට 2027 ඉඳලා 30, 32 වෙන­කල් වේග­වත් ආර්ථික වර්ධ­න­යක්, වේග­වත් අප­න­යන වර්ධ­න­යක් අවශ්‍ය වෙනවා. අපි දන්නවා 2022 ඉඳලා අපේ රටේ තිබ්බ තත්ත්වය. ඒ නිසා අපිට සිද්ධ වුණා රජ­යක් වශ­යෙන් මේ ආර්ථි­කය යම්කිසි මට්ට­ම­කට හැකි­ළීමේ ආර්ථික තීරණ ගන්න. බදු ප්‍රමා­ණය වැඩි වෙලා තියෙ­නවා. රජය සම­හර විය­දම් අඩු කරලා තියෙ­නවා. නමුත් 2027න් එහාට ඒ ගමන යන්න අපිට අවශ්‍ය කරන අඩි­තා­ලම අපි දාගෙන තියෙ­නවා. අපේ රාජ්‍ය ආදා­යම ශක්ති­මත් වෙලා, අප­න­යන වාර්ෂි­කව වැඩි වෙන තත්ත්ව­යක්, ජාත්‍ය­න්ත­රව තිබ්බ අර්බුද කෙමෙන් සම­නය වන තත්ත්ව­යක් යටතේ අපි විශ්වාස කර­නවා. අපිට ඉතා­මත් වේග­යෙන් මේ ආර්ථික වර්ධ­නය ළඟා කර­ගන්න පුළු­වන් කියලා.

මේ සුළු හා මධ්‍ය පරි­මාණ මාතෘ­කාවේ අපි ප්‍රධාන වෙන්කි­රී­මක් කර­ගන්න ඕනෑ මේ සාක­ච්ඡා­වට එද්දී. මොකද අපේ ඉන්නවා ගොඩක් ව්‍යව­සා­ය­කයෝ, ව්‍යාපා­රි­කයෝ. දැනට අසං­වි­ධා­නා­ත්මක විදි­හට මිලි­යන 1.2කට වැඩිය ඉන්නවා. අපි හිත­නවා ඊටත් වැඩිය ඇති කියලා. මේකෙන් සාති­ශය බහු­ත­රය ක්ෂුද්‍ර ව්‍යාපා­රි­ක­යන්. අපි කරන්න ඕනෑ ඒගො­ල්ලන්ගේ තිර­ස­ර­ත්ව­යට උදවු කරන එක. මොකද ඒගො­ල්ලන්ගේ අව­ශ්‍ය­තා­වක් හෝ වුව­ම­නා­වක් හෝ හැකි­යා­වක් නැහැ, මේ ව්‍යාපාර පුළුල් කිරීම කියන සාක­ච්ඡා­වට සක්‍රි­යව සහ­භාගි වෙන්න.

අපි කර්මාන්ත අමා­ත්‍යාං­ශය ඉතා­මත් නිශ්චිත වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරලා තියෙ­නවා. ඉහළ විභ­ව­යක් සහිත, අප­න­යන විභ­ව­යක් සහිත ආය­ත­න­ව­ලට තමයි අපි මේ ඉස්ස­ර­හට කියන පහ­සු­ක­ම්වල විශේෂ අව­ශ්‍ය­තාව තියෙන්නේ කියලා හඳු­නා­ගෙන තියෙ­නවා.

ලංකාව දියුණු කරන්න නම් අනෙ­කුත් වෙළෙ­ඳ­පොළ එක්ක ඒකා­බද්ධ වෙන්න ඕනෑ. ඒක වෙළෙඳ ගිවි­සුම් හරහා අපි කරන්න ඕනෑ. ඒ වෙ‍ෙළඳ ගිවි­සුම් හරහා ඒක කරන්න නම්, අපි අනික් රට­ව­ලට දාලා තියෙන බාධක අයින් කරන්න ඕනෑ. ඒ නිසා මේ රජය තීර­ණ­යක් අරන් අපි මේ වෙන­කොට වෙනත් රට­ව­ලින් අපේ රටට භාණ්ඩ ගේන­කොට තියෙන තීරු­බදු බාධා ඉවත් කරන්න එක­ඟ­තා­ව­කට ඇවිල්ලා තියෙ­නවා.

ඒ කියන්නේ අපේ සම­හර කර්මාන්ත 30%ත් 80%ත් අතර තීරු­බදු ප්‍රමා­ණ­ය­කින් ආරක්ෂා වෙලා තිබ්බා. අවා­ස­නා­ව­කට ඒ සම­හර කර්මාන්ත තමන්ගේ ඵල­දා­යි­තාව වැඩි කර­ගෙන නැහැ. ලෝක­යත් එක්ක තරග කරන්න. ඒ නිසා අපිට අනෙක් රට­වල් එක්ක ඒකා­බද්ධ වෙන්න නම්, අපේ රටේ බාධා දාගෙන පිට­රට එක්ක ඒකා­බද්ධ වෙන්න බැහැ. ළඟ­පාත තියෙන ආර්ථික දැවැ­න්ත­යන් එක්ක ඒකා­බද්ධ නොවී සිටී­මෙන් පුංචි රට­කට පැවැ­ත්මක් නැහැ.

මේ තීරු­බදු ඉවත් වෙන­කොට, විශේ­ෂ­යෙන්ම PAL සහ CESS ඉවත් වෙන­කොට අපිට දැවැන්ත තර­ග­යක් එනවා. එත­කොට ඒ දැවැන්ත තර­ග­යට මුහුණ දෙන්න නම්, අපි පුළුල් වෙලා ඉන්න ඕනෑ. අපි ව්‍යාපාර පුළුල් කළේ නැත්නම් අපිට මේ තර­ග­යට මුහුණ දෙන්න බැහැ. ඒ වගේම තමයි අපි මෙත­නින් එහාට දේශීය වෙළෙ­ඳ­පො­ළක් කියලා දෙයක් සාක­ච්ඡා­වට බඳුන් කරන්නේ නැහැ. වෙළෙ­ඳ­පොළ ජාත්‍ය­න්ත­රයි. ලංකා­වත් ඒ ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ එක කොට­සක්.

ඒ නිසා නීතියේ සාධා­ර­ණ­ත්වය තුළ තමයි ව්‍යාපා­ර­ව­ලට සම බිමක් ලැබෙන්නේ. මම හිත­නවා, අපි ඒ මනස හදා­ගන්න ඕනෑ. ඒ, අපි දේශීය නෙමෙයි ජාත්‍ය­න්ත­රයි කියන මාන­සික මට්ටම එක්ක. ඊළ­ඟට මේ ජාත්‍ය­න්ත­ර­යට යන්න නම්, ව්‍යාපාර පුළුල් කරන්න නම්, අපිත් ලෑස්ති වෙලා ඉන්න ඕනෑ. අපි අපේ ව්‍යාපාර ගැන හොඳ කිය­වී­මක් හදා­ගන්න ඕනෑ. විශේ­ෂ­යෙන්ම පරි­පා­ල­නය පැත්තෙන්, ඵල­දා­යි­තාව පැත්තෙන්, අපේ මූල්‍ය විනය පැත්තෙන්, අපේ මානව සම්පත් කළ­ම­නා­ක­ර­ණය පැත්තෙන් අපි ඒවට ආයෝ­ජ­නය කර­න­වාද නැද්ද කියලා ඔබ­තු­මාලා පපු­වට අත තියලා කල්පනා කරන්න ඕනෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *