ශ්‍රී ලංකා පොලීසියට අලුතින් නිලධාරීන් 10,000 ක ප්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව, ඔවුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම සඳහා මේ වන විට කටයුතු සිදු කරමින් ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මේ හරහා විමර්ශන ශක්තිමත් කිරීමට හා වේගවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
රාජකාරි අවස්ථාව තුළ දී මෙරට වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින් බව ද, පසුගිය වසරේ පමණක් රාජකාරි වේලාව තුළ නිලධාරීන් 1,100 ක් මියගොස් ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.