මෙට්‍රෝ බස් අල්ලගෙන මට අපහාස කරනවා – බස් ගැමුණු සී.අයි.ඩීයට පැමිණිලි කරයි

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් සිදු කළා.

මෙට්‍රෝ බස් රථ සම්බන්ධව තමන් කළ ප්‍රකාශකයක් මත සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධව සභාපතිවරයා එම දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමන් මෙට්‍රෝ බස් සංකල්පයට කිසිම අවස්ථාවක විරුද්ධ නොවූ බවයි.

මෙම ව්‍යාපෘතිය මීට වසර 10කට පෙර තමන් ද ආරම්භ කිරීමට සූදානම් වූ බවත්, මෙම ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය කාලයේදී ද ආරම්භ කළ බවත්, කෙසේ නමුත් මේ සඳහා අධික මුදලක් වියදම් වීම හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථ වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *