ඇමෙරිකා ඩොලර් මිලියන 3.52ක් යොදවමින් යාපනයේ යාල් රෝයල් ප්ලාසා ව්‍යාපෘතිය සඳහා ගිවිසුමකට එළඹීම සුවිශේෂී ආයෝජන සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ආයෝජන මණ්ඩලය පවසනවා.
උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ නාගරික ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි.
යාපනය ඓතිහාසික ඕල්ඩ් පාර්ක් ප්‍රදේශයේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය යාපනය සහ සමස්ත උතුරු පළාතේ අඛණ්ඩ ආර්ථික හා නාගරික සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ සැලකිය යුතු දායකත්වයක් නියෝජනය කරනවා.
රථවාහන නැවැත්වීම සඳහා මහල් 6ක් නේවාසික මහල් 13ක් සහ නවීන නේවාසික ඒකක 78ක් මෙම සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත්.
මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම විශේෂ ආයෝජන පිවිසුමක් බවයි ආයෝජන මණ්ඩලය පෙන්වා දෙන්නේ.
මෙවැනි සංවර්ධනයක් උතුරු පළාතේ ක්‍රියාත්මක කරන අතරතුර යාපනය නගරයේ සුවිශේෂී අනන්‍යතාව සහ පරිසරය ආරක්ෂා කරගත හැකි පරිදි විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද සැලසුම වනවා.