ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව ධුරයෙන් පහකිරීමට ක්‍රියාකළ අයුරින්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද පන්නා දැමීමට කටයුතු කරන බව ජන අරගල සන්ධානය පවසයි.
විරෝධතාවක් අතරතුර අදහස් දක්වමින් ඔවුන් අවධාරණය කළේ, පසුගිය අරගලය ද ආරම්භ වූයේ මෙම හන්දියෙන් බවත්, ඉන් අනතුරුව ජනාධිපති මන්දිරය වටලා පාලකයන් පලවා හැරි ආකාරයෙන්ම වත්මන් පාලනයට එරෙහිව ද දැවැන්ත ජනතා නැගිටීමක් සිදුකිරීමට පසුබට නොවන බවත්ය.