අයිස් සහ ගංජා පානය කර සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ කොස්ගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේය.
එම කොස්තාපල්වරුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ලද තොරතුරකට අනුව පෙරේදා (17) අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති අතර එම වාර්තාවලට අනුව එක් නිලධාරියකු ගංජා සහ අනෙක් නිලධාරියා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් හෝමාගම දිස්ත්‍රික් (3) සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම වැඩ තහනම කර ඇත.