පලෙයි රක්ෂිතයේ ත්‍රස්ත කඳවුරක් ඇති බවට බොරු කියූ පුද්ගලයා ත්‍රස්ථ විමර්ෂණ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනියි

අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව මෙම සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය.මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (18) දින මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 46 ක් වූ බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු අද (19) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *