අවමංගල්‍යය චාම් විදිහට කරන්න කියලා අවසන් කැමැති පත්‍රයේ තියෙනවා, උත්සව සභා, කතා පැවැත්වීම් මොනවත් නෑ – මහාචාර්ය සුනිල් ආරියරත්න

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලිනියගේ අවසන් කැමැති පත්‍රයට අනුව ඇයගේ අවමංගල්‍ය කටයුතු කිසිදු උත්සව සභාවකින් හෝ කතා පැවැත්වීමකින් තොරව ඉතා චාම් අයුරින් සිදු කරන බව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඇයගේ දේහය නිවසින් (නන්දා මාලිනී සංගීත ආශ්‍රමය) පිටත වෙනත් ස්ථානයකට ගෙන නොයන බවත්, එළඹෙන සෙනසුරාදා (22) දින බොරැල්ල සුසාන භූමි ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *