මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයට ඇණවුම් කළ රේල් පීලි 10,000 කොළඹ වරායට පැමිණෙයි

මැදපෙරදිග පැවති යුදමය තත්ත්වය හේතුවෙන් යම් කාලයක් ප්‍රමාද වූ රේල් පීලි ඇණවුම ඊයේ (23) දින කොළඹ වරායට ළඟා වූ අතර, මේ වනවිට ඒවා ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතී….!

මෙම රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වේග සීමා පනවා ඇති ස්ථානවල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය…!

ඒ අනුව, කොළඹ කොටුව සිට පානදුර දක්වා ස්ථාන 50කට ආසන්න ප්‍රමාණයක නව රේල් පීලි යොදා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර, එම කටයුතු සඳහා මාස 6ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ…!

මෙම රේල් පීලි මිලදී ගැනීම සඳහා රු. මිලියන 2,000ක පමණ දේශීය අරමුදල් වැය කර ඇති අතර, මීට සමගාමීව දුම්රිය පාලම් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් පවතී…!

මෙම කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කල හැක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *