රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පනත් කෙටුම්පතේ අඩංගු ප්‍රතිපාදන මගින් ජනතා පරමාධිපත්‍යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදු නොවන බව එම පෙත්සම මගින් පෙන්වා දී ඇත. එබැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය ඔස්සේ පමණක් එය සම්මත කළ හැකි බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 21ක් පමණ ගොනු කර ඇති පසුබිමක මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට රජය සූදානම් බවත්, ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීන්දුවක් පිළිපැදීමට කටයුතු කරන බවත් රජය ප්‍රකාශ කර තිබේ.