දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් වු නිවාස සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩ අවසන් කළ පළමු නිවෙස භාර දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24) සිදුවිය.
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහමුනේගම වසමේ පදිංචි ඇන්ටන් දේවකුමාර මහතා ඇතුළු සාමාජිකයින් පස් දෙනකුගෙන් යුතු පවුලක් සඳහා මෙම නිවෙස ලබාදෙන ලදි. මෙම නිවෙස ඉදිකිරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 50කි.
මෙම අවස්ථාවට නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රේමසිරි මහතා, කොට්ඨාස මන්ත්‍රිනි චාන්දනී ගුණවර්ධන මහත්මිය ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස, ගාල දිවුල්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී. වීරසිංහ ,පරිපාලන ග්‍රමානිලධාරී තිලක්පුෂ්ප කුමාර, සේන නානායක්කාර මන්ත්‍රීතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් ගාමිණී දිසානායක,ආපදා සහන සේවා නිලධාරි ඒ.එස්.කේ.ඊ.ගමගේ, වසමභාර ග්‍රාම නිලධාරි අමරසිරි ගුණවර්ධන, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් වන එච්.එම්.කේ.එස් සුභසේන,එස්.ඩී.එම් සිරිවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.