22ට විරුද්ධ වෙන්න සාධාරණ හේතුවක් නෑ, එමගින් අධිකරණය ශක්තිමත් වෙනවා – හිටපු ඇමති එස්.බී දිසානායක කියයි

22 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය විරුද්ධ වුවද ඒ ඇයිදැයි ඔවුන්ට කියාගත නොහැකි වී ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මෙම සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට සහා අධිකරණයේ ස්වාධිනත්වයට බාධාවක් යැයි කීවද විනිසුරු වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වන්නේ කෙසේදැයි විමසුවහොත් පිළිතුරු දිය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මෙම සංශෝධනය පිළිබඳ කලබල විය යුතු නැති බවත් උසාවිය ශක්තිමත් කිරීම වැදගත් බවත් එය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත් පසු රටේ නීතියක් බවට පත්වන බවත් එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රෙෂ්ඨාධීකරණය අදාළ ත තීන්දුව දෙනු ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *