දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත මුදා හැර සිටින හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා විශේෂ ව්‍යාපෘති ඇමැති ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම ඊයේ (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැන්වීය.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම මෙලෙස දන්වා සිටියේය.
මෙම සැකකරුට එරෙහිව මේ වන විට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසම පවසා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා නියමිත දින මහාධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කළේය.
සැකකරු ඊයේ (28) විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට ලබා දීම සඳහා රජයේ රු. මිලියන 25 ක වියදමින් ගෙන්වන ලද බීජ බඩඉරිඟු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මගින් බෙදා දීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත සැකකාර හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා විශේෂ ව්‍යාපෘති ඇමැති ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන මහතා පසුගිය ජුලි 4 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි. පසුව ඇප මත මුදා හැර තිබුණි.