ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විස්ථීරණ ණය පහසුකමේ හත්වෙනි සමාලෝචනය සදහායි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වන්නේ.
එහිදි 7 වෙනි සමාලෝචනය සිදුකරන අතර 8 වෙනි ණය වාරිකය මුදා හැරීම පිළිබඳ සලකා බැලීමට නියමිත බවද වාර්තා වනවා.
7 වෙනි සමාලෝචනයෙන් පසු මෙරටට ඇමෙරිකා ඩොලර් මිලියන 330ක පමණ ණය වාරිකයක් නිකුත් කිරීම කටයුතු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.