දේශපාලන තීන්දු මත වැටුප්, බඳවාගැනීම් සිද්ධ වෙලා – සෙවනගල සීනි කම්හල වහපු හේතුව ගැන සභාපති කියයි

සේවක නොසන්සුන්තාව සහ දිගින් දිගටම සිදුවූ වැඩ වර්ජන හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව එහි සභාපති වසන්ත අතුල කුමාර මහතා පවසයි.

සේවකයන් පැමිණ සිටියද නිෂ්පාදන කටයුතුවල නොයෙදීම සහ සීනි ප්‍රවාහනය කරන ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයට දැවැන්ත අලාභයක් සිදුවූ බව පෙන්වා දුන් සභාපතිවරයා, 2011 රජයට පවරාගැනීමෙන් පසු නිසි පිරිස් බල තක්සේරුවක් සිදුව නැති බව ද සඳහන් කළේය. විශේෂයෙන්ම 2021-2025 කාල සීමාව තුළ සැබෑ අවශ්‍යතාවයකින් තොරව සේවකයන් 3,000කට ආසන්න පිරිසක් ස්ථීර කර ඇති බවත්, එමගින් බරපතළ පිරිස් කළමනාකරණ ගැටලු මතුව ඇති බවත් ඔහු චෝදනා කළේය.

ආයතනය ලාභදායී මට්ටමකට ගෙන ඒමට රජය සැලසුම් සකස් කරමින් සිටින පසුබිමක කඩාකප්පල්කාරී ක්‍රියාවලින් වෙන්වී සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට එක්වන ලෙස සේවකයන්ගෙන් ඉල්ලා සිටින සභාපතිවරයා, නීතිවිරෝධී ලෙස ඉල්ලා සිටින වැටුප් ලබාදීමට පාලනාධිකාරිය සූදානම් නොමැති බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *