දේශීය සංස්කෘතිය සහ ආගමික චාරිත්ර වාරිත්ර අද වන විට බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
බුලත් අතක් සම්පූර්ණ වන්නේ ඊට දුම්කොළ තබා පිළිගැන්වීමෙන් බවත්, එය අපේ පාරම්පරික සංස්කෘතියේ වැදගත් අංගයක් බවත් පෙන්වා දුන් ඒ මහතා, වත්මන් තත්ත්වය හමුවේ බුලත් විටක දුම්කොළ තිබුණද පොලීසියෙන් අත්අඩංගුවට ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට චෝදනා කළේය. මෙවැනි තීරණ හමුවේ මෙරට සංස්කෘතිය මෙන්ම සියලු ආගමික චාරිත්ර වාරිත්ර ද විනාශ වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.