අනුරාධපුර දැවැන්ත රැලියට කලින් මාව ඇතුළට දාන්න බැරි කමක් නෑ – නාමල් රාජපක්ෂ කියයි

එළඹෙන සැප්තැම්බර් 12 වනදාට පෙර තමන්ව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට රජය උත්සාහ කිරීමේ ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ජනරැලිය සඳහා දැවැන්ත ජනකායක් ඒකරාශී වන බවට දැනගැනීමෙන් අනතුරුව, එම උත්සාහය ව්‍යර්ථ කිරීමේ අරමුණින් රජය විසින් 12 වනදාට ප්‍රථම මෙලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *