ඉස්සර කෙහෙළිය හිටපු ගෙදර, අද කෙහෙළියගේම බාල බෙහෙත් නඩුව අහනවා – ඇමති සුනිල් වටගල

අමාත්‍යවරුන් විසින් භාවිත නොකරන නිල නිවාසවල මේ වන විට තානාපති කාර්යාල ඇතුළු ආයතන ස්ථාපිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

එම නිල නිවාස තුළ මේ වන විට තානාපති කාර්යාල 07 ක් සහ මහාධිකරණ 03 ක් පවත්වාගෙන යන බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල භාවිත කළ නිල නිවසේ, ඔහුට එරෙහිව පවතින ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සිදු වන බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *