සැප්තැම්බර් 12 වැනිදා ආණ්ඩුවට උණ ගැනෙන මහා ජනගඟක් අනුරාධපුරයට ගේනවා – තිස්ස කුට්ටිආරච්චි

රී ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙළ හමුවේ වත්මන් ආණ්ඩුව බියට පත්ව ඇති බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව, අනුරාධපුරයේ දැවැන්ත ජන රැළියක් පැවැත්වීම සඳහා සල්ගාදු පිටිය ඉල්ලා සිටිය ද, අදාළ නිලධාරීන් විසින් එය ලබා නොදීමට කටයුතු කර ඇති බවයි අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 

කෙසේ වෙතත්, තමාට ලැබෙන ක්‍රීඩා පිටිය කුමක් වුවත්, එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා වන විට වත්මන් ආණ්ඩුවට ‘උණ ගැනෙන’ තරමේ මහා ජනගඟක් අනුරාධපුරයට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *