උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය අවසන් කරයි

හිටපු අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති එක් නඩුවක පැමිණිල්ලේ හා විත්තියේ සාක්‍ෂි විභාගය අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය දෙපාර්ශ්වයේ ලිඛිත සැලකිරීම් ගොනු කිරීම සඳහා එම නඩුව ලබන 18 වැනිදා යළි කැඳවීමට ඊයේ (03දා) දින නියම කළාය.

වර්ෂ 1996.09.26 වැනිදා හා 1997.09.25 වැනිදා කාලය අතරතුරදී ඔස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් සැඩ්ක් නමැත්තාට අයත් සමාගමක රුපියල් මිලියන 20ක් වටිනා කොටස් එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා යටතේ එම නඩුව පවරා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය. විත්තිකාර උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඉයේ (03දා) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *