පැය 12,18 අව්ව,වැස්ස නොබලා සේවය කරන පොලිස් නිළධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට ජනපති අනුර තීරණය කරයි

පොලිස් නිලධාරීන් මුහුණ දෙන දැඩි කැපකිරීම් සහ දුෂ්කරතා සලකා බලමින් ඊළඟ අයවැය ලේඛනයෙන් පොලීසිය සඳහා විශේෂ අවදානම් දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පොලිස් නිලධාරීන් පැය 12ත් 18ත් අතර කාලයක් අව්වේ සහ වැස්සේ නොසැලී රාජකාරි කිරීම පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පොලිස් සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් පියවර ගන්නා බවට සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *