මිලියන 100ක් අල්ලස අතට දුන් අයත් නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දෙයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ, අල්ලස් කොමිසම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) එක්ව වරෙන්තු ලීගල් (Warrants Legal) හරහා ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් පුළුල් විමර්ශනයක් සිදු කළ බවත්, මෙය එහි අවසන් අදියර බවත්ය.

ප්‍රංශයේ එයාර් බස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ බඳ පුළුල් ගුවන් යානා 16ක් ලබා ගැනීමට ගිවිසුම්ගත වූ බවත්, ඉන් 2ක් ලංකාවට ලැබී තිබූ අවස්ථාවක එයාර් බස් සමාගමට අමතර තවත් සමාගම් සාදාගෙන යුරෝ මිලියන 1.454ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 2) මුදලක් ලබාදී ඇති බවත් අධිකරණය හමුවේ අනාවරණය විය. ‘බිස්සොලියුෂන්’ (BIZ Solutions) නමැති අදාළ සමාගමේ තනි අයිතිය හිමිව තිබී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මියටයි. තවද, කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් ගිණුම්වලට යුරෝ ලක්ෂ 4ක් සහ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක් වෙනත් ගිණුමකට යවා ඇති බවට ද අධිකරණයේදී කරුණු වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *