නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – එජාපය නිවේදනය කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම මස 12 වන දින අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ඉතා පැහැදිලි යැයි පවසන එජාපය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම නාමල් රාජපක්ෂ මහතාට ද දේශපාලන කටයුතුවල නිරත වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පවතින බව පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමට දරන මෙවැනි උත්සාහයන් නූතනGen – Z පරපුර ඇතුළු ශිෂ්ට සම්පන්න සමාජය හෙළා දකින බවත්, අත්අඩංගුවට ගැනීම් හරහා ජනතා නායකයන්ට ඇති ජනප්‍රසාදය නැති කළ නොහැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *