ගෑස් මිල පහළ යාමත් සමග කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5කින් පහළ දමයි

ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කළා.

කෙසේ වෙතත්, කෙටි ආහාරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *