එකෙක් නෙමෙයි සීයක් හිරේ දැම්මත් සැප්තැම්බර් 12 අනුරාධපුර ජනරැළිය පවත්වනවා – තිස්ස කුට්ටිආරච්චි කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, ලබන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළිය කිසිසේත් අත්හරින්නේ නැති බව අනුරාධපුර දිස්ත්‍රික් නායක තිස්ස කුට්ටි ආරච්චි මහතා පවසයි.

“එකෙක් නෙමෙයි සීයක් හිරේ දැම්මත් සැප්තැම්බර් 12 අනුරාධපුර ජනරැළිය පවත්වනවා” යැයි ඔහු අවධාරණය කර සිටී.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබෙන අතර, ඒ පිළිබඳව පොදුජන පෙරමුණේ නායකයින් හා පක්ෂ ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් පළ කරමින් සිටිති. මෙම රඳවා තැබීම නීතියට මුවා වූ දේශපාලන පළිගැනීමක් බවට චෝදනා කරන පිරිස්, එයට එරෙහිව ජනතාව සංවිධානය කරමින් සැලසුම් කළ ජනරැළිය තව දුරටත් ශක්තිමත් කරගෙන යාමට කටයුතු කරන බව පෙනී යයි.

මේ අනුව, බලධාරීන්ගේ ක්‍රියාමාර්ග කුමන ආකාරයේ වුවත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා පිරිස් රැස් කිරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් අවධාරණය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *