ලංකා ඉතිහාසයේ පළමු වතාවට කිසිදු විදේශීය හෝ දේශීය ණයක් ලබා ගැනීමෙන් තොරව අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු සිදු කිරීමට වත්මන් රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අපේ ආණ්ඩුව, වසර දෙකයි – රටට සුබයි” තේමාව යටතේ බුලත්සිංහල ප්රදේශයේ පැවැති ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.