එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “ඊ ” වාට්ටුවේ රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ මහතා රඳවා ඇත්තේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රජයේ සේවකයන් රඳවා සිටින වාට්ටුවේය. නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයෝ කිහිප දෙනෙක් පෙරේදා (05) බන්ධනාගාරය වෙත පැමිණියහ.