නාමල් රාජපක්ෂ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ සේවකයින් සිටින වැලිකඩ ඊ වාට්ටුවේ රදවයි

එයාර්බස් ගනුදෙනුව සම්බ­න්ධ­යෙන් සිදු­ ක­රන විම­ර්ශ­න­ය­කට අදා­ළව අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව එළ­ඹෙන 18 වැනි­ දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ “ඊ ” වාට්ටුවේ රඳවා ඇතැයි බන්ධ­නා­ගාර ආරංචිමාර්ග සඳ­හන් කරයි. ඒ මහතා රඳවා ඇත්තේ දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව රජයේ සේව­ක­යන් රඳවා සිටින වාට්ටු­වේය. නාමල් රාජ­පක්ෂ මහ­තාගේ සුව­දුක් බැලීම සඳහා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ඇතුළු දේශ­පා­ලන නියෝ­ජි­තයෝ කිහිප දෙනෙක් පෙරේදා (05) බන්ධ­නා­ගා­රය වෙත පැමි­ණි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *