ශ්රී ලංකා මහබැංකුව අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 579 ක විදේශ මුදල් මිලදී ගෙන තිබේ.
ඒ අනුව, මේ වසරේ මුල් මාස අට සදහා ශ්රී ලංකා මහ බැංකුව මිලදී ගෙන ඇති සමස්ත විදේශ මුදල් ප්රමාණය ඩොලර් බිලියන 1.48 කි.
ශ්රී ලංකා මහ බැංකු-ව, මෙසේ ඩොලර් මිලදී ගැනීම, මීට පෙර ගෙවුම් ශේෂ අර්බුද ඇති වූ අවස්ථාවල කටයුතු කළ ආකාරයට සම්පූර්ණයෙන්ම වෙනස් ය.
ඒ අවස්ථාවල දී රුපියල අවප්රමාණය වළක්වා ගැනීම සදහා තමන් සතු ඩොලර් සංචිත දේශීය වෙළද පොලට නිකුත් කිරීමට මහ බැංක-ුවට සිදු විය.
ඉන් සිදු වූවේ මහබැංකුව සතු- විදේශ සංචිත ක්ෂයව යාමයි.
මේ අවස්ථාවේ දී දැඩි බාහිර බලපෑමක් ඇතිව තිබෙන තත්ත්වක සිටිය දී පවා – විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය – රුපියල ශක්තිමත් කිරීම සදහා තමන් සත-ු විදේශ මුදල් සංචිත වෙලද පොළට නිකුත් කරනවා වෙනුවට, වෙළඳ පොලෙන් විදේශ මුදල් මිලදී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබේ.