මේ වසර අවසානයේ ලංගමයට වායු සමීකරණය කරන ලද තවත් බස් 800ක් මිලදී ගනියි

පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට මෙම වසර අව­සන් වන විට වායු­ස­මී­ක­ර­ණය කළ නව බස් රථ 600ක් ආන­ය­නය කිරී­ම­ටත්, ලංගම අර­මු­දල් යොදා තවත් බස් රථ 200ක් මිල දී ගැනී­ම­ටත් කට­යුතු කරන බව ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සු­වේය.

එමෙන්ම මේ මාස­යේදී මෙට්‍රෝ බස් සේවාවේ බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා වැඩි කරන බව ද තවත් බස් රථ 50ක් මිලදී ගැනී­මට කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර ඇති බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම වසර අව­සන් වන විට හෝ ලබන වසරේ මුල් භාග­යේදී මෙට්‍රෝ බස් සේවාව බස් රථ 172ක් දක්වා පුළුල් කිරී­මට අපේක්ෂා කරන බව ද හෙතෙම කීවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කඩ­වත මෙට්‍රෝ ඩිපෝ අංග­ණයේ මෙහෙ­යුම් කට­යුතු නිල වශ­යෙන් ආරම්භ කිරීමේ අව­ස්ථා­වට ඊයේ  (07) එක්වෙ­මිනි.

මෙට්‍රෝ බස් සේවාව බස්නා­හිර පළා­තෙන් ඔබ්බට ව්‍යාප්ත කර­මින් ගාල්ල, මහ­නු­වර සහ යාප­නය ප්‍රදේ­ශ­ව­ලට හඳු­න්වා­දී­මට පිය­වර ගන්නා බව ද හෙතෙම කීවේය.

මෙට්‍රෝ ආය­ත­නය සමඟ ගිවි­සු­ම්ග­තව බස් සේවාව ක්‍රියා­ත්මක කිරී­මට ඉදි­රි­යේදී පෞද්ග­ලික අංශ­යට ද අව­ස්ථාව ලබා­දී­මට කට­යුතු කරන බවත් ඇමැ­ති­ව­රයා මෙහිදී පැව­සු­වේය.

මෙරට නාග­රික ප්‍රවා­හන ක්ෂේත්‍රය නවී­ක­ර­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ මෙට්‍රෝ බස් සේවා­වට අවශ්‍ය යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය, Clean Sri Lanka ලේකම් කාර්යා­ලය, ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය සහ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ග­ලික සමා­ගම ඒකා­බ­ද්ධව කෙරේ.

මෙට්‍රෝ ව්‍යාපෘ­තිය යටතේ ඉදි­කළ පළමු ඩිපෝ අංග­ණය පසු­ගිය 04 වැනිදා බත්ත­ර­මුල්ල, තලං­ගම ප්‍රදේ­ශ­යේදී ජනතා අයි­ති­යට පත්කෙ­රිණි.

මෙට්‍රෝ බස් සේවාවේ පරි­පා­ලන, මෙහෙ­යුම් සහ නඩත්තු කට­යුතු ශක්ති­මත් කිරීමේ පළමු අදි­යර යටතේ තලං­ගම, කඩ­වත, ඒකල සහ රත්ම­ලාන යන ප්‍රදේශ කේන්ද්‍ර කර­ග­නි­මින් නව ඩිපෝ 04ක් ඉදි­කි­රී­මට සැල­සුම් කර තිබේ.

දැනට මෙට්‍රෝ බස් සේවාවේ මාර්ග අංක 01 යටතේ මාකු­ඹුර සිට මහ­ර­ගම හරහා කඩ­වත දක්වා සේවා ක්‍රියා­ත්මක වන අතර, එම මාර්ග­යට නව මෙට්‍රො බස් රථ 15ක් යෙද­වී­මට ද කට­යුතු කර ඇත.

එමෙන්ම බස් නැව­තුම්, ඒකා­බද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ පහ­සු­කම් සහ රථ­ගාල් ඇතුළු අනෙ­කුත් ප්‍රවා­හන සේවා සමඟ සම්බ­න්ධ­තාව වැඩි­දි­යුණු කිරී­මට ද සැල­සුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *