විදුලි දුම්රිය ධාවනයට පළමු අදියරයේ පානදුර-රාගම-මීගමුව මාර්ග තුනක් සඳහා නොවැම්බරයේ ටෙන්ඩර් පිරිනමයි

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය සමඟ ඉදිරියට යාමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පළමු අදියර යටතේ, පහත මාර්ග තුන විද්‍යුත්කරණය කිරීම සඳහා වන ටෙන්ඩර් ලබන නොවැම්බර් මාසයේදී පිරිනැමීමට නියමිතය:

  • පානදුර – මරදාන
  • මීගමුව – මරදාන
  • රාගම – මරදාන

මෙම දුම්රිය විද්‍යුත්කරණ ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 60ක් පමණ වන අතර, ඊට අවශ්‍ය රුපියල් බිලියන 100ක මුදල ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ, ජනාකීර්ණ දුම්රිය මාර්ග කිහිපයක නිසි කාලසටහන් අනුගමනය කිරීමට හා දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *