කපිල චන්ද්‍රසේනගේ දුරකතන දත්ත ලබා ගැනීම සඳහා වන අධිකරණ නියෝගය ඇපල් සමාගමට යොමු කරයි

මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකතනයේ දත්ත ලබා ගැනීම සඳහා වන අධිකරණ නියෝගය ඇපල් සමාගමට යොමු කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී දූෂණ අක්‍රමිකතා සිදුවූ බවට වන නඩුවේ ප්‍රධාන සැකකරු වූයේ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතායි.

ඔහු කොළඹ නිවසකදී මියගොස් සිටියදී දේහය හමුවූ අතර එම විමර්ශනවලට අදාළව ඔහුගේ ජංගම දුරකතය විවෘත කර ගැනීමට පොලිසියට අවශ්‍ය වුණා.

ඒ සඳහායි ඇපල් සමාගමෙන් ඉල්ලීම් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණේ.

අදාළ මරණ පරික්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් යොමු කරන ලෙස එම දෙපාර්ශ්වය වෙත සිහි කැඳවීමක් යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

විමර්ශන පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවද මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

මෙම නඩුව ඔක්තෝම්බර් 14 දක්වා කල් තැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *