සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නෑ – සැප්තැම්බර් 23 දක්වා යළි රිමාන්ඩ් කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් මෙන්ම, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 23 වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (09) නියෝග කළා.

අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා එකවර වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *