ශ්‍රී ලාංකි­ක­යන් 10,000කට තායි­ල­න්තයේ රැකියා – තායි කැබි­නට් අනු­මැ­තිය හිමි­වෙයි

තායි­ල­න්තයේ පව­තින ශ්‍රම හිඟ­යට පිළි­ය­මක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් 10,000ක් නීති­මය රාමුව යටතේ සේව­යට ලබා ගැනී­මට තායි­ලන්ත කැබි­නට් මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිවී ඇති අතර, දෙරට අතර කම්කරු සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කිරීමේ විශේෂ ගිවි­සුම් දෙක­කට අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායි­ල­න්තයේ කම්කරු අමාත්‍ය ජුලා­පන් අමෝ­ර්න්වි­වත් (Julapun Amornvivat) මහතා විසින් කම්කරු සහ­යෝ­ගි­තාව පිළි­බඳ අව­බෝ­ධතා ගිවි­සුම (MoU) සහ තායි­ල­න්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් රැකි­යා­වල නියුක්ත කිරීම පිළි­බඳ ගිවි­සුම (MoA) යන ද්විත්ව ගිවි­සු­ම්ව­ලට ඊයේ (14) අත්සන් තබන ලදි.

දෙරටේ අදාළ බල­ධා­රීන් අතර පැවැති දීර්ඝ සාක­ච්ඡා­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස සකස් වූ මෙම ගිවි­සුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් බඳවා ගැනීම සහ සේවයේ යෙද­වීම සඳහා සංවි­ධා­නා­ත්මක හා විනි­විද පෙනෙන රාමු­වක් ස්ථාපිත කෙරේ. එමෙන්ම ශ්‍රමි­ක­යන්ගේ අයි­ති­වා­සි­කම්, සුබ­සා­ධ­නය සහ ආර­ක්ෂාව තහ­වුරු කිරීම ද මෙහි ප්‍රධාන අර­මු­ණකි.

මෙම අව­බෝ­ධතා ගිවි­සුම (MoU) මඟින් කම්කරු ප්‍රති­පත්ති, කම්කරු වෙළ­ඳ­පොළ තොර­තුරු, කුස­ලතා සංව­ර්ධ­නය, ශ්‍රම උත්පා­ද­නය, ශ්‍රමික ආර­ක්ෂාව මෙන්ම නීතිවිරෝධි ලෙස බඳවා ගැනීම් සහ මිනිස් ජාවා­රම් වැළැ­ක්වීම යන ක්ෂේත්‍ර­යන්හි සහ­යෝ­ගි­තාව සඳහා පද­නම වැටේ.

අනෙක් ගිවි­සුම (MoA) මඟින් විනි­විද පෙනෙන බඳවා ගැනීමේ ක්‍රියා­ප­ටි­පාටි, රැකියා ගිවි­සුම්, නීති­මය ආර­ක්ෂාව, සුබ­සා­ධ­නය, වීසා, වැඩ බල­පත්‍ර සහ ආපසු පැමි­ණීමේ විධි­වි­ධාන ඇතුළු ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙළ ස්ථාපිත කෙරේ.

ශ්‍රී ලාංකි­ක­යන්ට තායි­ල­න්තයේ රැකියා අවස්ථා ලබා දීම පිළි­බඳ තායි රජ­යට කෘත­ඥ­තාව පළ කළ අතර ශ්‍රමි­ක­යන්ගේ අයි­ති­වා­සි­කම්, සුබ­සා­ධ­නය සහ සමාජ ආර­ක්ෂ­ණය තහ­වුරු කිරීමේ වැද­ග­ත්කම අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ගිවි­සුම් ක්‍රියා­ත්මක කිරීම අධී­ක්ෂ­ණය කිරීම සඳහා ඒකා­බද්ධ ක්‍රියා­කාරි කමි­ටු­වක් (Joint Working Group) පිහි­ටු­වීමේ අව­ශ්‍ය­තාවද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

එමෙන්ම, විශේ­ෂ­යෙන්ම තරුණ ප්‍රජාව ඉලක්ක කර­ග­නි­මින් තොර­තුරු තාක්ෂණ (IT) සහ සංචා­රක ක්ෂේත්‍ර­යන්හි රැකියා අවස්ථා ව්‍යාප්ත කිරීම කෙරෙහි අව­ධා­නය යොමු කරන ලෙස ද අමා­ත්‍ය­ව­රයා තායි රජ­යෙන් ඉල්ලා සිටි­යේය.

මෙම රාමුව යටතේ සේව­යට පැමි­ණෙන ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන්ට තායි­ලන්ත කම්කරු නීතිය යටතේ නීත්‍යනු­කූල වේතන, ප්‍රති­ලාභ සහ සෞඛ්‍ය රැක­ව­ර­ණය ඇතු­ළුව සමාන අයි­ති­වා­සි­කම් සහ ආර­ක්ෂාව හිමි­වන බව තායි­ලන්ත කම්කරු අමාත්‍ය ජුලා­පන් අමෝ­ර්න්වි­වත් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සිය විදේශ රැකියා ගම­නාන්ත විවි­ධාං­ගී­ක­ර­ණය කර­මින් පව­තින අතර, තායි­ල­න්තය සහ අග්නි­දිග ආසි­යානු කලා­පය වැද­ගත් නව සේවා ගම­නා­න්ත­යන් ලෙස හඳු­නා­ගෙන ඇත. ශ්‍රී ලංකාව සහ අග්නි­දිග ආසි­යානු රට­වල් අතර පව­තින සමා­ජීය හා සංස්කෘ­තික සමා­න­කම් හේතු­වෙන් ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන්ට එම නව ජීවන සහ සේවා පරි­ස­ර­යන්ට පහ­සු­වෙන් හැඩ­ගැ­සී­මට හැකි­වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *