මහාධිකරණ, දිස්ත්‍රික් අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභා ආදියේ විනිසුරුවරු ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බවට වන නියෝගයක්, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දී තිබේ.
විනිසුරුවරු ආදායම් බදු ගෙවිය යුත-ු නැති බවට, අධිකරණ නිලධාරීන් නියෝජනය කරන සංගම් කිහිපයවක් ගොනු කරන ලද පෙත්සම් කිහිපයක් නිශ්ප්‍රභ කරමින් ශ්රේෂ්ඨාධිකරණයව මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පස් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කි.