ආයතනික රැකවරණයෙන් ඉවත්ව සමාජගත වන පුරවැසියන් සඳහා නිවාස පහසුකම් සලසා දීමේ අරමුණින් ක්‍රියාත්මක “දිවියට සවියක්” නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.
දරුවන් යනු ජාතියේ නිධානය බවත්, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්‍රමුඛ කාර්යයක් බවත් මෙහිදී අවධාරණය කළෙමි.
2026 අයවැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක “දිවියට සවියක්” නිවාස ආධාර වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජ ගත වූ වයස අවුරුදු දහඅටට වැඩි තරුණ තරුණියන් සඳහා නිවාස ඉදිකිරීමට රුපියල් ලක්ෂ විස්සක ආධාරයක් පිරිනමනු ලබයි.
එහි බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් සඳහා ප්‍රතිලාභ පිරිනැමීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙමින්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු මෙම මහඟු කර්තව්‍යය වෙනුවෙන් කැප වී කටයුතු කරන සියලුදෙනා ඇගයීමටද එය අවස්ථාවක් කර ගතිමි.