මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ඉදිකර ඇති මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් “දියපනහි” පාවෙන සූර්ය බලාගාරය අද (18) දිනයේදී ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතව තිබේ.
මෙම පාවෙන සූර්ය බලාගාරය හරහා දිවයිනේ නිවාස 10,000කට පමණ අඛණ්ඩව විදුලි බලය සැපයීමට හැකි වනු ඇතැයි බලධාරීන් සඳහන් කරයි.
මීට සමගාමීව, ශ්රී ලංකාවේ ප්රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ද අද අනුරාධපුරයේදී විවෘත කිරීමට නියමිතව ඇත. මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් මෙම පද්ධතිය හරහා මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.