ජාත්‍යන්තර බැදුම්කර දර්ශකයේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවල් අතරට ශ්‍රි ලංකාව පැමිණෙයි

ශ්‍රී ලංකාව දේශීය මුදල් රාජ්‍ය බැඳුම්කර සඳහා වන ජේ.පී. මෝර්ගන්ගේ නවතම “GBI-EM Edge” දර්ශකයට ඉහළ ප්‍රතිශතයකින් ඇතුළත් කර තිබෙනවා.

සැප්තැම්බර් 30 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම දර්ශකය මගින් නැගී එන ආර්ථිකයන් සහිත රටවල් 26ක දේශීය මුදල්වලින් නිකුත් කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 330කට ආසන්න රාජ්‍ය බැඳුම්කර නිරීක්ෂණය කෙරෙනවා.

මෙහි එක් රටකට හිමිවිය හැකි උපරිම බර සියයට 8ක් වන අතර, ශ්‍රී ලංකාවට සියයට 7.5ක ඉහළ බරක් හිමිව තිබීම විශේෂත්වයක්.

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ දේශීය මුදල් සහ ණය වෙළඳපොළේ ඇති වූ ස්ථාවරත්වය මෙම ඇගයීමට බලපා ඇති බව සඳහන්.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හරහා ගෝලීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ රුපියල් බැඳුම්කර වෙළඳපොළ වෙත වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සැලසිය හැකි බවයි. එමගින් ඉදිරියේදී විදේශීය ආයෝජන දේශීය බැඳුම්කර වෙළඳපොළට ආකර්ෂණය කර ගැනීමටද අවස්ථාවක් ඇතිවිය හැකියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *