ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සුළුතර ජනාධිපතිවරයකු පත්වී, එම සුළුතර ජනාධිපතිවරයාගේ බලය විනාශ වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
මංකොල්ලකන ආණ්ඩුවක් ප්‍රථම වතාවට නිර්මාණය වී ඇති බවත්, ගල්අඟුරු මෙන්ම, මහා භාණ්ඩාගාරයේ මුදල් සහ කන්ටේනර්වලින් පවා මංකොල්ලකන තත්ත්වයකට රජය පත්ව ඇති බවයි අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මෙතෙක් කාලයක් ලංකාව තුළ පැවැති ආණ්ඩු මෙන් නොව, වත්මන් ආණ්ඩුව නැවත විපක්ෂයට යාමට බිය බවත්, ඔවුන්ට ආණ්ඩු බලය අහිමි වුවහොත් මුළු ජීවිත කාලයම සිරගෙවල්වල ගත කිරීමට සිදුවන බව ඔවුන් දන්නා බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් 22 වන සංශෝධනය හරහා රටේ නීති පද්ධතිය තමන්ගේ අතට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවත්, සියලු දෙනා ඊට එරෙහිව එක්විය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.