සාසනයට තම දරුවන් පූජා කළ මව්පියන්ට නිවසක් ලබා දීම අද සිට ඇරඹෙයි

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ, ශාසනභාරධාරී ස්වාමින් වහන්සේලාගේ දැනට ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා විසිරී සිටින මෙවැනි මව්පියන් වෙනුවෙන් සම්පූර්ණ නිවාස 1,000 ක් ඉදිකිරීම රජයේ අපේක්ෂාව බව බුද්ධශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේය.

එහි පළමු අදියර ලෙස මේ වසර (2026) තුළ නිවාස 100 ක් ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන එක් නිවසක දළ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. ශාසනය වෙනුවෙන් උතුම් කැපකිරීමක් සිදුකළ මව්පියන්ගේ සුබසාධනය උදෙසා රජය දක්වන ඉහළම ගෞරවයක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *